ජනතාව ප්‍රතික්ෂේප කළොත් මම පොළොන්නරුවෙන් යනවා! ජනතාවට උදලු බෙදමින් ඇමති වසන්න පවසයි!

March 11, 2019 at 3:59 pm | by admin

පොළොන්නරුවේ ජනතාව ප්‍රතික්ෂේප කළොත් මිසක් තමන් පොළොන්නරුව ඇත හැර නොයන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුවන්විල ගම්මානයේ ගොවීන් සඳහා ඊයේ (10) උදලු තල ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසිය.

“මම එන අභියෝගවලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මාව විවිධ අය විවිධ තැන්වලට මාරු කරලා කට කතාවලින්. මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියනවා. මම පොළොන්නරුවෙන් යන්නේ පොළොන්නරුවේ මිනිස්සු මාව ප්‍රතික්ෂේප කළොත් පමණයි. එහෙම නැත්නම් මම කවදාවත් පොළොන්නරුවෙන් යන්නේ නෑ,කියලා මතක් කරනවා.

ජන්දෙ කාලෙට මිනිස්සු ඇවිදින් එක එක කතා කියනවා. තමුන්නාන්සේලා හිතන්න ජන්දෙ නැති කාලෙට කවුද එන්නේ කියලා. අවුරුදු කීපයක් තුළ මට පුළුවන් විදිහට මම මේ දිස්ත්‍රික්කයට මිනිස්සුන්ට වැඩ කළා. සංවර්ධනය කළා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස