ගුවන්තොටුපළින් කොරෝනා රටට රිංගන මං වසයි! අද සිට රටට ඇතුළු වන සියලු දෙනාට PCR පරීක්ෂණ!

June 1, 2020 at 1:24 pm | by emanisa.lk

අද (01) දිනයේ සිට කටුනායක ගුවන් තොටුපලෙන් රට ඇතුළු වන පිරිස එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් කියා සිටියේය.

කුවේට් රාජ්‍යයෙන් පැමිණි බොහෝ අයට කොරෝනා වැළඳී ඇති බව අනාවරණය වී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා ඔවුන් ලාංකිකයින් ලෙස ලංකාවට ගෙන එන වැඩ පිළිවෙල මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව සුදානම් කර ඇතැයි ද කියා සිටියේය.

විදෙස් ගත පිරිසගේ ඥාතින් ලංකාවේ ජීවත් වන අය බවත් ලාංකිකයින් ලෙස සියලු දෙනා මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

රජයක් ලෙස පැහැදිලි ලෙසම විදෙස් ගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන ආ යුතු යන ස්ථාවරයේ සිටින බවත් පැවසු අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කමිටුව ද වැඩ කටයුතු සුදානම් කර ඇති බව කියා සිටියේය.

මේ වන විට රටවල් 21 කින් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් 10000 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ඇතැයි ද ඉදිරියේ දී තවත් 18000 ක පමණ ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස