ගුරුකන්ද විහාරයට බුදුන් වඩිති! යහපාලන කොටි නැටුම් නිමයි! TNA මාර සෙනඟ පසුබසිති!

December 2, 2019 at 1:24 pm | by emanisa.lk

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම පසුගියදා (30) මුලතිව් එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මිහිඳුපුර රතනදේව කිත්ති නාහිමිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පානදු‍ර ප්‍රදේශයේ දානපති පිරිසක් විහාරස්ථානයේ ධාතු මන්දිරය වෙත එම බුදු පිළිම වහන්සේ පූජා කර තිබිණි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක පිරිස් වෙත වැදුම් පිදුම් කිරීම සඳහා බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට කටයුතු කළ සියලු දෙනා මහා පුණ්‍ය කර්මයක් සිදුකරගත් බව එම අවස්ථාවට එක්වු විහාරාධිපති හිමි පැවසීය.

විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමද එහිදි සිදුවිය. මෙම අවස්ථාවට මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන දායක සභාවේ පිරිසද එක්ව සිටියහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස