රෝම ලන්දේසි නීතිය නොතකා හරී! සංඝ නීතිය බලාත්මක වෙයි! ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු වෙහෙර බිමේ සිදුකරයි!

September 23, 2019 at 9:06 pm | by emanisa.lk

අපවත් වී වදාල මුලතිව් නායාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාර කිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාරස්ථානය භූමියේ දී අද (23) සිදු කෙරිණි. ඒ අදාළ සංඝ සභාවේ ඒකමතික තීන්දුව සහ බෞද්ධ සම්ප්‍රදාය අනුවය. මෙහිදී බොදුබල සංවිධානයේ භික්ෂූන් වහන්සේලා මැදිහත් වී කටයුතු කරනු දැකගත හැකිවිය.

මුලිතිව් ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් අද නියෝග කළේ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාර භූමිය හා නිරාවිය පිල්ලෙයාර් ඝණ දෙවි කෝවිල ඉදිරිපස මාර්ගයෙන් එපිට නයාරු වෙරළ සීමාවේ සිදුකරන ලෙසයි.

එහිදී පැමිණිලිකාර මුලතිව් නිරාවිය පිල්ලයාර් කෝවිල නමින් හඳුන්වන පාලක සභාව වෙනුවෙන් දෙමළ නීතීඥයින් 15 දෙනෙකු පමණ අධිකරණයේ පෙනී සිට ඇති අතර ඔවුන් ඉතා අන්තවාදී ලෙස උසාවිය තුළ අදහස් දක්වා තිබේ. එසේම විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් සිංහල නීතීඥයෝ සිව්දෙනෙක් ද පෙනී සිටියහ.

කෙසේ වෙතත් අධිකරණ නියෝගය නොතකමින් එහිමියන් නියෝජනය කළ සංඝ සභාවේ තීරණයකට අනුව විහාර භූමියේ ඉපැරණි වැව අසල උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකර ඇති අතර එම අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් විරෝධය දැක්වීම හේතුවෙන් උණුසුම් තත්වයක්ද ඇතිවිය.

මෙම විරෝධතා සඳහා දෙමළ ජනතාව මෙහෙය වූයේ දෙමළ ජාතික සන්ධානය විසින් වන අතර ජනාධිපතිවරණය ආසන්නයේ සිංහල බෞද්ධ ජනතාව සහ දෙමළ හින්දු ජනතාව අතර ගැටුමක් ඇති කර එහි දේශපාලන වාසිය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වූ බවට භික්ෂූන් වහන්සේලා චෝදනා කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස