ගුරුකන්ද රජමහ විහාර නාම පුවරුව රාජ්‍ය නිලධාරීන් පැමිණ ගලවා දමයි! විහාරයේ දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල ලෙස නම් කළ පුවරුව ඉතිරි කරලා!

June 14, 2019 at 3:34 pm | by emanisa.lk

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහ විහාරස්ථානය ලෙස නම් සඳහන් කර එම විහාරස්ථානය ඉදිරිපිට ප‍්‍රදර්ශනය කර තිබූ නාම පුවරුව අද (14) මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගලවා ඉවත්කර ඇත.

වසර දහයකට පමණ පෙර ස්ථාපිත කළ මෙම නාම පුවරුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් සීමාවේ අවසර නොමැතිව ප‍්‍රදර්ශනය කිරීම හේතුවෙන් ලැබුණ මහජන පැමිණිල්ලක් අනුව මෙලෙස ගලවා ඉවත්කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමිට දැනුම් දී තිබේ.

පසුගියදා මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ විහාරස්ථානයේ දේවාලය නීරාවි පිල්ලයාර් කෝවිල ලෙස හඳුන්වන ලෙස තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව පිරිසක් පැමිණ එහි නම ප‍්‍රදර්ශනය කොට දෙමළ බසින්වූ නාම පුවරුවක් සවි කර ඇත.

කෙසේ වුවද එම නාම පුවරුව ඉවත් කර නොමැති අතර ගුරුකන්ද විහාරස්ථානයේ නාම පුවරුව පමණක් ගලවා ඉවත කිරීමට කටයුතු කළ බව ගුරුකන්ද විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *