අපවත් වූ ගුරුකන්ද විහාරාධිපති හිමිගේ සිරුර වෙහෙරබිමේ ආදාහනය කරන්න තහනම්! මුහුදේ වෙරළේ ආදහනය කරනු! ආදාහනය කළ ස්ථානයේ ස්මාරක ඉදිනොකරනු! – මුලතිව් අධිකරණය

September 23, 2019 at 2:22 pm | by emanisa.lk

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් නියෝග කළේය.

ආදාහන පූජෝත්සවයෙන් අනතුරුව එම ස්ථානයේ කිසිදු ඉදිකිරීමක් සිදුනොකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විහාරයේ දායක පාර්ශවය වෙත උපදෙස්දෙනු ලැබීය.

ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එම විහාරයේ සිදුනොකිරීම සඳහා කටයුතු කරන ලෙසත් එහි කෝවිලක් තිබෙන බැවින් එයට අගෞරවයක් වන බවට පවසමින් විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය සභාව විසින් මුලතිව් පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය කැඳවු අවස්ථාවේ මෙම තීන්දුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළේය.

දෙමළ සන්ධාන දේශපාලනඥයන්ගේ දේශපාලන බලය උපයෝගී කරගෙන ගුරුකන්ද විහාරයේ පැවති දේවාලය කෝවිලක් බවට පත්කිරීමට පසුගිය සමයේ කටයුතු කළ අතර එහි බුදු පිළිමය ඉදිකිරීමට ද තහංචි දැමීමට කටයුතු කෙරිණි. විහාරයේ නාම පුරුව ද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගලවා ගෙන ගොස් තිබිණි.

වසර 2500 ඉතිහාසය පුරා බුද්ධ ශාසනයට අට වරක් පූජා කළ ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ නමකගේ ආදාහන කටයුතු සඳහා බාධා කරමින් මෙවැනි නින්දාවක් කිසිම දවසක සිදු නොවූ බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස