කොටි ඝාතනය කළ යාපනේ පුරපතිගේ මුනුබුරාට කැනඩාවේ පොලිස් ප්‍රධානි තනතුරක්!

August 6, 2019 at 8:48 am | by emanisa.lk

ඝාතනය කෙරුණු යාපනයේ නගරාධිපති වශයෙන් සේවය කළ ඇල්ප්‍රඩ් දොරේඅප්පාගේ මුණුබුරෙකු වූ නිෂාන් දොරේඅප්පාට කැනඩාවේ ප්‍රාන්තයක පොලිස් ප්‍රධානි තනතුරක් ලබා දී තිබේ.

ඒ අනුව පසුගිය අගෝස්තු 01 වනදා සිට එරට පොලිස් සභාව විසින් නිෂාන් දොරේඅප්පා කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පීල් නගරයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත් කොට ඇත.

යාපනය නගරාධිපතිව සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා වෙඩි තබා ඝාතනය කළේ 1975 වසරේ ජූලි මාසයේ 27 වැනිදාය. එවක ඔහු යාපනයේ ශ්‍රීල ලංකා නිදහස් පක්ෂ සංවිධායක ද විය.

යාපනය, පොන්නාලෙයි කෝවිලට ගොස් සිය මෝටර් රථයෙන් ආපසු නිවෙස බලා ඒමට ගිය අවස්ථාවේ එවකට නගරාධිපති ඇල්ෆඩ් දොරේඅප්පා ඝාතනයට ලක්වූයේ කෝවිල ඉදිරිපිටදීමය.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් පැමිණ නගරාධිපතිවරයාට වෙඩි තබා පලාගිය බව පසුව කළ රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබිණි.

පසුව එම පවුල් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැඩාවට පදිංචියට යන අතර එහිදී නිෂාන් දොරේඅප්පා වයස අවුරුදු 03ක කුඩා දරුවෙකි.

නිශාන් දොරේඅප්පා නිසි වයසින් පොලිස් සේවයට බැඳීමෙන් පසුව කැනඩාවේ අපරාධ පරික්ෂණ කටයුතු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේද සේවය කොට අවුරුදු 25ක පලපුරුද්දක් ලැබීමෙන් පසුව ඔහුට මෙම තනතුර ලබා දී ඇත.

පීල් නගරයේ පොලිස් නිලධාරීන් 3000 ක් පමණ සේවය කරනු ලබන අතර එහි නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා වශයෙන් පත්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස