කොටි යුද ටැංකි, කළු කොටි බෝට්ටු සරුංගල් උතුරු අහසේ! ආණ්ඩුව බුදි!

January 29, 2019 at 10:58 am | by admin

දෙමළ සන්නද්ධ අරගලය සිහිපත් කරන සරුංගල් සැණකෙලියක් වැල්වැටිතුරේ මුුුහුදු වෙරළේ දී පවත්වා තිබේ. ඒ සඳහා දෙමළ ඊළාමේ වර්ණ වන රතු සහ කහ පැහැ කොඩි සහිත යුද ටැංකි, කොටි කාකි ඇඳුමින් මෝස්තරයේ යුද ටැංකි ආදී හැඩවල සරුංගල් නිර්මාණය කර තිබේ.

මේ හැර මුල්ම මරාගෙන මැරුණු මුහුදු කොටි කාන්තාව ගමන් කළ අන්තයාන්කර්න් නමැති බෝට්ටුව ද සරුංගලයක් ලෙසින් අහසට යවා තිබේ. මෙම උත්සවය පැවැත් වූ වැල්වැටිතුරේ ප්‍රදේශය කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්ගම ලෙස හැඳින්වෙයි.

උතුරේ දෙමළ ජනතාව නැවත බෙදුම්වාදය වෙත නැඹුරු කරවීමට සහ ආරක්ෂක අංශ සහ සිංහල ජනතාව කෙරෙහි වෛරය ජනිත කරවීමට සූදානම් කළ මෙම සැණකෙළියට එරෙහිව ආණ්ඩුව කිසිදු පියවරක් ගත් බව වාර්තා වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස