එදිරිසිංහලා 4 දෙනා රට කොටියාට පාව දුන්නා!

February 12, 2019 at 4:00 am | by admin

ස්වර්ණවාහිනිය ඇතුළු EAP ආයතන ජාලය ත්‍රස්ත සංවිධානයකට විකුණා දැමීම කුමන්ත්‍රණයක් බවත් එදිරිසිංහලා හතර දෙනා විසින් රට පාවා දුන් බවත් ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය චෝදනා කරයි.

මෙම දේපළ විකිණීම සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අසමත් වී ඇති බවත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකළ බවත් එහෙයින් එය නීති විරෝධී ගනුදෙනුවක් බවත් ඔවුන් පෙන්වා දෙයි. අධිකරණ නියෝගයක් හෝ නොමැතිව මහ බැංකු අධිපතිවරයාට තැන්පත්කරුවන්ගේ දේපළ මේ ආකාරයට විකුණා දැමීමේ අයිතියක් නැතැයි එම සංවිධානය අවධාරණය කරයි.

මෙතෙක් කල් ETI තැන්පත්කරුවන්ගේ පැමිණිලි භාර ගැනීම පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළේය. දැන් ඒ සඳහා අවස්ථාව ලැබී ඇති බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔවුන් පවසයි. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ETI තැන්පත්කරුවන් සුරකීමේ ස්වාධීන සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *