ආණ්ඩුව කොටින්ට වන්දි ගෙවයි! අයවැයෙන් රු.බි. 500ක් වෙන් කරයි!

March 12, 2019 at 7:30 am | by admin

යුුද්ධයේදී අතුරුදන් වූ හමුදා හා පොලිස් නිලධාරීන්ට එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ඇතුළු අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ට රු 6,000 බැගින් මාසික දීමනාවක් ලබා දෙන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පවසයි. මෙම වන්දි ගෙවීම සඳහා රු. බිලියන 500 ක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා වී ඇත.

මෙහි හමුදා පොලිස් නිලධාරීන් පිළිබඳ සඳහන් වුවද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ මූලික අරමුණ රට දෙකඩ කර වෙනම රටක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය ආරක්ෂක හමුදා සමග සටන් කළ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමය.

2015 වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ලබා දුන් යෝජනාවලිය මගින් කරන ලද නිර්දේශයකි. මේ සමග ලෝකයේ ත්‍රස්තවාදීන්ට වන්දි ලබා දුන් එකම රට ලෙස ද ශ්‍රී ලංකාව ඉතිහාසගත වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස