උතුර රකින්න හමුදාව සහ හිටපු කොටි සාකච්ඡා ඇරඹෙයි! ත්‍රස්තවාදයට එරෙහිව දෙපිරිස එක පෙරමුණකට!

May 1, 2019 at 10:50 am | by admin

වර්තමානයේ රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ හමුදාව සහ පුනරුත්ථාපනය ලද හිටපු කොටි සාමාජිකයන් අතර සාකච්ඡාවක් ඊයේ (30) යාපනය 512 බළසේනා මූලස්ථානයේදී පැවැත්විණ.

යාපනයේ ආරක්ෂාව සඳහා දෙපාර්ශවය එකතු වී කටයුතු කළ යුතු ආකාරය මෙහි දී සාකච්ඡා වී ඇති අතර ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා එක්වන ලෙස හමුදාව ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

සැකසහිත පුද්ගලයන් පිළිබඳ ආරක්ෂක අංශ දැනුම්වත් කරමින් නිතර විමසිලිමත් ලෙස කටයුතු කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමට සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එහි දී සාකච්ඡා වී තිබේ.

මෙයට පෙර දෙමළ සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන තමිල් අරුසු කච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා ජනපති අගමැති දෙපළට ලිපි යොමු කළ අතර උතුරේ හමුදා ඉවත් නොකර ආරක්ෂාව තවත් තර කරන ලෙස හිටපු උතුරු පළාත් අමාත්‍ය ආනන්දි ශෂිදරන් ඉල්ලා තිබිණි. ඈ කොටි සංවිධානයේ ප්‍රබල නායකයකු වූ එලිලන්ගේ බිරිඳය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස