කාන්තන්කුඩියේ මුස්ලිම් ජනතාව ස්වේච්ඡාවෙන්ම රටේ නීතියට හිස නමයි! හෙල්මට් අලෙවිය වේගයෙන් ඉහළට!

November 20, 2019 at 2:14 pm | by emanisa.lk

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමඟම කාත්තන්කුඩියේ මෙතෙක් හෙල්මට් නොමැතිව යතුරු පැදි ධාවනය කළ බොහෝ දෙනා අලුතෙන් හෙල්මට් පැළදීමට පටන් ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මේ වන විට එම ප්‍රදේශයේ වැඩි වශයෙන් හෙල්මට් අලෙවි වී වන අතර හෙල්මට් නොමැතිව ධාවනය කරන අයෙකු සොයා ගැනීමද අපහසු බව දැනගන්නට ඇත.

මීට පෙර හෙල්මට් නොමැතිව ධාවනය කළ ඒම ප්‍රදේශයේ බොහෝ දෙනාට එරෙහිව පොලීසිය විසින්ද කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.

කෙසේ වෙතත් නව ජනාධිපතිවරයා පත් වීමෙන් පසුව මුස්ලිම් බහුතරයක් වෙසෙන එම ප්‍රදේශයේ ජනතාව රටේ නීතියට අවනත වීමට කටයුතු කිරීම බොහෝ දෙනා ප්‍රශංසනාත්මකව අදහස් පල කර කරති..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස