මුස්ලිම් කාන්තාවකට ස්වාමියා මිය ගියාම මාස 4යි දවස් 10ක් නිවාඩු දෙනවා! සිංහල හෝ දෙමළ කාන්තාවකට සතියක නිවාඩුවක් ලැබෙන්නේ නෑ! හැමෝටම එක නීතියක් ඕනෑ! – කොළඹ තරුණ බෞද්ධ සංගමය… (video)

August 6, 2019 at 12:58 pm | by emanisa.lk

රාජ්‍ය සේවයේ නිරත වන මුස්ලිම් කාන්තාවකගේ ස්වාමි පුරුෂයා මිය ගිය විට ඇයට මාස 4කුත් දින 10ක නිවාඩුවක් ලැබෙන බවත් සිංහල හෝ දෙමළ කාන්තාවකට එවැනි අවස්ථාවක සතියක නිවාඩුවක් හෝ නොලැබෙන බව කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ලේකම් මහේන්ද්‍ර ජයසේකර පවසයි.

එකම රාජ්‍ය ආයතනයක සේවය කරන සිංහල මුස්ලිම් දෙමළ කාන්තාවන්ට මේ ආකාරයට වෙනස් ආකාරයට සලකන විට රටේ සංහිඳියාව ඇති වන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

මුස්ලිම් පුරුෂයන්ට බහුවිවාහ කරගැනීමට ඉඩදීම, මුස්ලිම් කාන්තාවන්ට අඩු වයසින් විවාහ වීමට ඉඩ දීම ද සෙසු ජන කොටස් අතර සැක සංකා ඇති වීමට හේතු වී ඇතැයි හෙතෙම කියයි.

ආගමික ජාතික භේදයකින් තොරව සියලු රට වැසියන් පොදු නීති පද්ධතියක් යටතට ගෙන ආ යුතු බවත් පොදු අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආගම සහ ජාතිය පදනම් කරගෙන දේශපාලන පක්ෂ ගොඩනැඟීම නොකළ යුතු බවත් එවැනි වාර්ගික පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා රටේ නීති පද්ධතිය වෙනස් කිරීම විශාල වරදක් බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

ඒ ඒ ආගම්වලට අනුව අමාත්‍යංශය වෙන් නොකළ යුතු බවත් හුදෙක් මන්ත්‍රීවරු විශාල පිරිසකට ඇමති ධුර ලබා දීම සඳහා සිදුකරන මෙම කටයුත්ත රටට ඉතාම හානිදායක බවත් ඔහු සඳහන් කරයි.

සම්පූර්ණ කතාව සඳහා වීඩියෝව නරඹන්න…

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස