ගෙදරට පැන්නාට කසිප්පු අහුවුණේ නෑනේ! ඒකයි නංගි ඇල්ලුවේ! – එජාප මන්ත්‍රීනිය සහ පොලිසිය මහ පාරේ ගැටෙයි…(video)

August 22, 2019 at 11:35 am | by emanisa.lk

හිස් ආවරණ සහ රියදුරු බලපත් නොමැතිව අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීනි දුලක්ෂි චමෝදරීගේ 16 හැවිරිදි සොහොයුරිය අත්අඩංගුවට ගැනීම නිසා පොලිසිය සහ එම පවුලේ පිරිස අතර ගැටුමක් ඇති විය.

එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ඇගේ පියා සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරෙනු දැකිය හැකිය.

එහිදී ඔවුන් පොලිසියට චෝදනා කරන්නේ සිය නිවසට ඊයේ දිනයේ ද කසිප්පු ඇල්ලීමට කඩා පැන්න ද කසිප්පු අල්ලාගත නොහැකි වූ නිසා මෙසේ සිය නැගණිය අල්ලා ගත් බවය.

මෙම මන්ත්‍රීවරිය එජාප නියෝජ්‍ය නායක සජිත් සමග පෙනී සිටින ඡායාරූප ද සමාජමාධ්‍යවල හුවමාරු වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස