කලින් පීදෙන්නේ වඳ කෙසෙල්! එජාපයෙන් සරුසාර අපේක්ෂකයෙක් දානවා! – පී. හැරිසන්

September 24, 2019 at 11:01 am | by emanisa.lk

කලින් පීදෙන කෙසෙල් ගස් වඳ පීදෙන නිසා එජාප අපේක්ෂකයා කලින් නම් කර වඳභාවයට පත් කිරීමට තමන් අකමැති වූ බවත් ඇමති පී. හැරිසන් පවසයි.

තම පක්ෂය නිසි වේලාවට හොඳ ඵලදාවක් ලබා දෙන සරුසාර දිනන අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන් කරයි.

අපේක්ෂකයා කලින් ඉදිරිපත් නොකළේ සිය පක්ෂය සාකච්ඡා සංවාද කරමින් බහුතර කැමැත්ත අනුව කටයුතු කරන නිසා බව ද ඔහු පෙන්වා දුන්නේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ජේ.ආර්. ජයවර්ධනට පසු බලයට පත්වූ සියලු ජනාධිපතිවරුන්ගේ අපේක්ෂාව වූ බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස