දිනකට රු. 30 000ක දුරකතන කාඩ්පත් අලෙවි කරන බවත් වෙළඳාම සරු බවත් ව්‍යාපාරිකයකු තමාට පැවසූ බව ඇමති රාජිත සේනාරත්න පවසයි.
සෑම නිවසකම සැමියාට බිරිඳට දුවට පුතාට ජංගම දුරකතන ඇති බවත් බිරිඳ සැමියාගෙන් කෑවා දැයි අසන්නෙත් දුරකතනයෙන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ඕනෑම දුප්පත් කටුමැටි ගෙදරකත් ජංගම දුරකතන ඇති බවත් එය රටේ ගමන බවත් හෙතෙම අවධාරණය කරයි.