මගේ අයියා යූඇන්පී ඉත්තෙක් වෙලා! ඔහු ගැන මට දුකයි! මම ඔහුගේ සදාචාර විරෝධී ක්‍රියාව හෙළා දකිනවා! (video)

October 4, 2019 at 2:18 pm | by emanisa.lk

ජනාධිපතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත‍්‍රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර නිරත ව සිටින බව ඔහුගේ සොහොයුරෙකු වන කලා ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර චෝදනා කරයි.

පාලකයා ප්‍රශ්න කිරීමට පුරවැසියාට අයිතියක් ඇති බවත් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කරමින් මෙයට පෙර අධිකරණයට ගියේ නම් අයියා සිය වීරයකු වන බවත් පවසන චන්ද්‍රගුප්ත තේනුවර මේ ආකාරයට අනෙකාට උත්තර බැඳීමට අවස්ථාවක් නොවන ආකාරයට දේශපාලන උගුලක් ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බව අවධාරණය කරයි.

තරඟ කරන ප්‍රතිවාදී අපේක්ෂකයාගේ කකුල් කැඩීම අනුමත නොකරන බවත් තරඟ කර ජයග්‍රහණය කරන ඕනෑම අයකු තමන්ගේ වීරයා වන බවත් ඔහු අවධාරණය කරයි.

මේ වන විට චන්ද්‍රගුප්ත තේනුවර එජාපයේ ඉත්තකු වී ඇති බවත් මෙම එජාප කුමන්ත්‍රණයට සිය සොහොයුරා යොදාගත්තේ ඔහු සතු සිවිල් බලය සහ වටිනාකම නිසා බවත් ඔහු අවධාරණය කරයි.

තමා පෙනී සිටින්නේ රට වෙනුවෙන් බවත් සිය සොහොයුරාගේ කීර්ති නාමයට හානි සිදුවීම පිළිබඳ තමා තුළ දැඩි කනගාටුවක් ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සිය සොහොයුරා මෙන්ම කලාත්මක ආකාරයට ඉරක් ඇඳීමට සතතාභ්‍යයාසය සඳහා තමන්ට වසර 25ක් පමණ ගතවිය හැකි වුවත් මෙවැනි සදාචාර විරෝධී ක්‍රියාවක් තමන්ට කිරිමට ශත වර්ෂ 25ක් ගත වනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස