ලිංගික අල්ලස් දෙන්න බිරිඳ අකමැති වෙලා! ආබාධිත රණවිරුවෙකුට මානව සම්පත් ලොක්කයි පුතායි බිම දාගෙන ගහලා! පොලිසිය බලා ඉඳලා!

January 30, 2019 at 2:54 am | by admin

ආබාධිත රණවිරුවකු වන එම්.එස්.එස්. වීරසිංහ මහතාට වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රි වයඹ මානව සම්පත් අධිකාරියේ වර්තමාන සභාපති නිලන්ත සුපුන් රාජපක්ෂ සහ ඔහුගේ පුත් තක්ෂණ දිල්ෂාන් රාජපක්ෂ යන අය විසින් නිකවැරටිය පොලිසියේ පොලිස් නිලධාරීන් බලා සිටියදී පොලිස් ස්ථානය ඉදිරිපිටදීම බරපතළ ලෙස පහරදී ඇත.

පහරදීමට හේතුව වශයෙන් ප්‍රකාශ වී ඇත්තේ ආබාධිත රණවිරුවා විසින් මානව සම්පත් අධිකාරියේ සභාපතිවරයා කළ මුදල් අක්‍රමිකතා සහ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මුහුණු පොත හරහා ප්‍රශ්න කිරීමත්, ආබාධිත රණවිරුවාගේ බිරියට මන්ත්‍රිවරයා විසින් ලිංගික අතවර කිරීමට කාලයක සිට ගත් විවිධ උත්සාහයන් අසාර්ථක වීමයි.

පහරකෑමට ලක් වූ නිකවැරටිය, ඇඹලගොඩයාගම පදිංචි එම්.එස්.එස්. වීරසිංහ (45) මහතා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 24හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. දින 04ක් නිකවැරටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබාදී කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර ඇත. ඔහු අවුරුදු 16ක් හා අවුරුදු 11ක් වයසැති දියණියන් දෙදෙනකුගේ පියෙකි.

1995.03.17 වැනි දින යුද හමුදා සේවයට බැඳෙන වීරසිංහ මහතා මෙහෙයුම් 17කට සම්බන්ධ වී තුන් වතාවක්ම මෝටර් ප්‍රහාරවලට සහ වෙඩි ප්‍රහාරවලට ලක් වූ අයෙකි. වම් පාදය දණහිසින් පහළ අහිමි ඔහුගේ දකුණු පාදයේද අස්ථි බිඳීගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *