ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩළිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් කිරීමට සිදුව වුවද දැනට ඇතිව තිබෙන නව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත්තේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීම බව අගමැතිවරයා පෙන්වා දෙයි.
2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයට කිසිදු ඉන්දියානුවකු සම්බන්ධ නොවුණ ද පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබූ සියලු ත්‍රස්තවාදින් ශ්‍රී ලාංකිකයින් බවත් මේ තර්ජනය අපේ රටට පමණක් සීමාවූ තර්ජනයක් නොවන බවත් කළාපයේ වෙනත් රටවල යහපත සඳහා ද මෙම ඉස්ලාමිය ත්‍රස්තවාදය මර්දනය කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර සිටියේය.