ආහාර සුරක්ෂිතතාව සහතික කරයි! ටොන් 35 දහසක ආරක්ෂිත සහල් සංචිතයක්!

February 14, 2020 at 1:38 pm | by emanisa.lk

ආහාර සුරක්ෂිතව හා වෙළඳපොළ සහල් මිල ස්ථාවර කිරිම සඳහා ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත . මෙ සඳහා වූ යෝජනාව, මහවැලි,කෘෂිකාර්ම ,වාරිමාර්ග සහා ග්‍රාමිය සංවර්ධන ඇමති චමල් රාජපක්ෂ ඉදිරිපත් කර ඇත.

වී අලෙවි මණඩලය මිලදි ගන්නා වී තොග ලබාගෙන සම්බා සහා නාඩු මෙට්‍රික් ටොන් 20000ක් – 35000ක ආරක්ෂිත සහල් තොගයක් පවත්වාගෙන යාමට ඒ අනුව හැකිය. සැම වසරකම වසර අවසාන මාස දෙකෙ සහල් මිළ ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් එම කාල වලදි බෙදා හැරිමට සහල් ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාමෙ අවශ්‍යතාවයක් පවති.

සහල් ආරක්ෂිත තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ගබඩා පහසුකම් මේ වන විට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතුව ඇත.මේ වන විට ආහාර දෙපාර්තමේන්තුව සතුව මෙට්‍රික්ටොන් 24000ක් සදහා ඉඩකඩ පහසුකම් පවති.

සහල් මිල වැඩි වන අවස්තාවලදි සතොස හරහා වෙළඳපොළට රජයේ සහතික මිලට නිකුත් කිරිම මගින් සහල් මිල ස්ථායි මට්ටමක පවත්වාගෙන යාම මෙමගින් අපේක්ෂා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස