එජාප මන්ත්‍රී ස්කුටි අක්කාගේ පියා කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට!

January 12, 2020 at 3:52 pm | by emanisa.lk

පසුගියදා පොලිස් රාජකාරියට බාධා කර මහත් ආන්දෝලනයට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන දුලක්ෂි ප්‍රනාන්දුගේ පියා කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ වෙන්නප්පුව ප්‍රාදේශිසභා මන්ත්‍රීනී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සොහොයුරිය විසින් පොලිස් නිළධාරීන්ට තර්ජනය කර බැන වදිනා වීඩියෝවක් පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්විය.

පසුව අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ‘ස්කූටර් අක්කා’ ලෙසින් සමාජජාලා මාධ්‍යයේ ප්‍රසිද්ධ විය. එහිදි ඇය පොලිසියට තර්ජනය කළේ සජිත් ආවම බලාගමු කියාය.

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ පියාය.

නීති විරෝධී මත්පැන් බෝතල් 48ක් සමගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේදීය. මීට පෙරද එම පුද්ගලයා නීති විරෝධී මත්පැන් ජාවාරම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකි.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරනා එක්සත් ජාතික පක්ෂ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ප්‍රබල ආධාරකරුවෙකු වූ ඔහු කසිප්පු සමන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙයි.

ප්‍රාදේශීය සභාවට කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීම නිසා අදාල කසිප්පු සමන්ගේ දියණිය දුලක්ෂි ප්‍රනාන්දුට හිටප්පු රාජ්‍ය අමාත්‍යවරයාගේ ලයිස්තුවෙන් ප්‍රාදේශීය සභා වරම් හිමිව තිබුණි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇය දැන් ඇප මත නිදහස් වී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස