චාල්ස්ට මංගලගෙන් ලොකු පුටුවක්! රේගුව වැඩ වර්ජනයකට සූදානම්!

February 5, 2019 at 6:54 am | by admin

අත්තනෝමතික ලෙස තනතුරින් ඉවත් කළ රේගු අධ්‍යක්ෂවරියට මුදල් අමාත්‍යංශයේ වෙනත් ඉහළ තනතුරක් ලබා දීමට අමාත්‍ය මංගල සමරවීර ඈ සමග කළ සාකච්ඡාවකදී එකඟ වී ඇත.

එහෙත් රේගු අධ්‍යක්ෂවරිය නැවත තනතුරේ පිහිටු වන ලෙස හෝ ඉවත් කිරීමට සාධාරණ හේතු දක්වන ලෙස ඉල්ලා රේගු වෘත්තීය සමිත දිගටම අකුරට වැඩ කිරීමේ යෙදෙයි.

අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගත නොහැකි වීම මෙම ඉවත් කිරිමට හේතුව බව අමාත්‍යවරයා පැවසුවද වෘත්තීය සමිති එය පිළිගෙන නොමැත. ඔවුන් පවසන්නේ දේශපාලන බලවතුන් සහ ගජ මිතුරු කල්ලිවල ජාවාරම්වලට රේගු අධ්‍යක්ෂවරිය වැට බැඳීම එයට හේතුව බවය. පසුගිය සිව් වසර තුළ රේගු අධ්‍යක්ෂවරු පස් දෙනෙකු පත් කර ඇත.

දින හයක් පුරා මෙම ගැටලුව නොවිසඳීමට විරෝධය පා අද පිටකොටුව තොග වෙළෙඳුන් කඩ වසා ⁣හර්තාලයක යෙදෙයි. මේ වන විට වෙනත් වෘත්තීය සමිති ද රේගුවේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සටනට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇත. වහාම මෙම ගැටලුව නොවිසඳලන්නේ නම් තමන් අත්‍යවශ්‍ය සේවාවලින් ද ඉවත්ව වැඩ වර්ජනයක් දක්වා සිය සටන ඉදිරියට ගෙන යන බවට රේගු වෘත්තීය සමිති අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *