කේරළ ගංජා 77kg සමග උතුරේ මන්ත්‍රී පුත්තු 2ක් කොටුවෙයි!

February 7, 2019 at 2:05 am | by admin

යාපනයේ තෙන්මරච්චි චාවාකච්චේරී ප‍්‍රදේශයෙන් කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් හැත්තෑ හතක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම උතුරේ ක‍්‍රියාකාරී දේශපාලනඥයින් දෙදෙනකුගේ පුතුන් දෙදෙනකු බවට තොරතුරු හෙළි වී තිබේ.

යාපනය පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක විසින් ඔවුන්ට ලැබුණු ඔත්තුවක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ 4 වැනිදා රාත‍්‍රී අටට පමණය.

යාපනයේ තෙන්මරච්චි ප‍්‍රදේශයේ පදිංචි තංගරාසා නිෂාන් (25) හා ගුණසේකරන් රාගු (32) යන මෙම සැකකරුවන් දෙදෙනා උතුරේ ක‍්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ දෙකක ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුගේ පුත්තු වෙති.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙම සැකකරුවන් දෙදෙනාගේම පියවරුන් එම දේශපාලන පක්ෂ දෙකෙන් යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රාදේශීය සභාව ස`දහා මන්ත‍්‍රීවරුන් ලෙස තේරී පත් වූහ. මෙම සැකකරුවන් දෙදෙනා කේරළ ගංජා තොගය සමග පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසුව ඔවුන් නිදහස් කරවා ගැනීමට එම පක්ෂ දෙකේ නායකයින් ලවා පොලිසියට විශාල බලපෑමක් සිදුකොට තිබේ. නමුත් පොලිසිය වහාම ඔවුන් චාවාකච්චේරි මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කොට ඇත.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස