පාස්කු ප්‍රහාරයට බෝම්බකරුවන් 11 දෙනෙක් සූදානමින් ඉඳලා!

July 13, 2019 at 8:25 am | by emanisa.lk

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නමැත්තා ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් එකොළොස්‌ දෙනෙකු සූදානම් කර තිබූ බව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සැලසුම සඳහා කල්මුණේ සියාම් සහ මොහමඩ් නිසාන් නමැත්තන් ද සහය වී ඇති අතර ඔවුන් නැගෙනහිර ප්‍රදේශයේ නිවාස පහක්‌ කුලියට ලබාගෙන තිබේ.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මීගමුවේ නිවසක සිට ලොරියකින් සමන්තුරේ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට එම ලොරියේ රියැදුරු ප්‍රසන්න ඒ ගැන හෙළි කර ඇති බවය.

මෙම රියෑදුරු පවසා ඇත්තේ රන්බඩු ශුද්ධ පවිත්‍ර කිරීමේ රසායනික ද්‍රව්‍ය බැරල් වගයක්‌ යයි දක්‌වමින් බැරල් තොගයක්‌ තම ලොරියට පැටවූ බවයි.

මීගමුවේ සිට සමන්තුරෙයි වෙත එම ලොරියෙන් පුපුරන ද්‍රව්‍ය යැවූ සියලු තව්හිද් ජමාත් ත්‍රස්‌ත ක්‍රියාකාරීන් මේ වනැවිට අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස