කුනු කොල්ලයට ගොවියා සූරා කන වී මාෆියාව අවසන්! වී කිලෝව රු. 50ට ගන්න රජය සූදානම්!

January 23, 2020 at 11:28 am | by emanisa.lk

මහ කන්නයේ වී තොග කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මාර්ගයෙන් වියළි වී කිලෝවක් රුපියල් 50 ක මිලකට මිලදී ගැනීමටත් තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමට නියමිතය.

මහකන්නයේ වී තොග  මිලදී ගැනීමේ යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් අද (22) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස