ආයතනවල කලින් වැරදිවලට අලුත් නිලධාරීන්ට බනින එක මෝඩකමක්! දේශපාලන වාසිගන්න මෙහෙම වැඩ ආයෙමත් කරන්න එපා! – ජනපති හඳුන්නෙත්තිට කියයි…

February 29, 2020 at 6:31 pm | by emanisa.lk

කිසියම් ආයතනයක පෙර පාලකයන් කළ වැරදිවලට වර්තමාන පාලකයන්ට බැණ වැදීම මෝඩ වැඩක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු කාරක සභා මූල්‍ය පාලක ත්‍යාග ප්‍රධානෝත්සවයට ඊයේ (29) සහභාගී වෙමිණි.

එහිදී කෝප් කමිටුව විසින් සිදු කළ ක්‍රියාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂගේ දැඩි විවේචනයට ලක් විය.

එනම් පසුගිය 2015 – 2019 රජය විසි පත් කළ සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් විසින් සිදු කළ වංචා හා දූෂණවලට නව රජය විසින් පත් කළ සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති විසින් කෝප් කමිටුව විසින් දෝෂාරෝපනය කිරීමයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පත් කළ ව්‍යාපාරික අශෝක් පතිරගේ ප්‍රමුඛ නව ශ්‍රී ලංකන් පාලක මණ්ඩලය ගෙන්වා, කෝප් කමිටුව විසින් පසුගිය සමයේ සිටි පාලක මණ්ඩල විසින් සිදු කළ වංචා සඳහා දෝෂාරෝපනය කරනු ලැබීය.

“මම පහුගියදා බලාගෙන හිටියා කෝප් කමිටුව ශ්‍රී ලංකන් නව පාලක මණ්ඩලයට, පෙර පාලක මණ්ඩලයන් සිදු කළ වැරදිවලට විවේචනය කරන හැටි.

ඇත්තටම මම ගොඩක් බය වුණා. ඒ අශෝක් මේක දාලා යයි කියලා. අශෝක් පතිරගේ ලංකාවේ දක්ෂතම පරිපාලකයෙක් හා ව්‍යාපාරිකයෙක්. අශෝක් එතන වැඩ කරන්නේ කිසිම වැටුපක් දීමනාවක් නැතිව. ඔහු මේකට දැම්මේ මේක හදන්න.

ඉතින් කලින් මිනිස්සු කරපු වැරදිවලට ඔවුන්ට බනින එක මෝඩ වැඩක්. දේශපාලන වාසි වෙනුවෙන් ඒ වැරැද්ද කරන්න එපා. අලුතෙන් ඒ ඒ තනතුරුවලට දක්ෂයො පත් කරලා තියෙන්නේ ඒ වැරදි නිවැරදි කරන්න තමයි.

ඔවුන් අධෛර්යමත් කරලා ඒ ඒ තනතුරුවලින් එලව ගන්න හදන්න එපා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස