ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා ඕස්ට්‍රේලියාවට පනින්න සූදානම්!

August 15, 2019 at 5:44 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය පරාජයට පත්වුවහොත් රටින් පළා යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා දැනටමත් සියලු ලිපි ලේඛන සකසා අවසන් බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

මේ වන විටත් ශානි අබේසේකර ගෝඨාභය රාජපක්ෂ සිරගත කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බවත් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් ඔහු පවසයි.

එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් පමණක් මේ වන විට රණවිරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් හෙතෙම හෙළි කරයි.

තමන්ට උවමනා ගෝඨාභය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බවත් ගෝඨා අණ දුන් බව පවසන්නේ නම් වහාම සැමියා නිදහස් කරන බව එම නඩුවේ සිව්වන සැකකරු වන කෝප්‍රල් රූපසේනගේ බිරිඳට පවසා ඇති බව ද ඔහු අනාවරණය කළේය.

මේ ආකාරයට දේශපාලන උවමනා එපාකම් මත රණවිරුවන් දඩයම් කරන ශානි අබේසේකර තමන්ට එරෙහිව අනාගතයේ නීතිය ක්‍රියාත්මක වන දන්නා නිසා මේ ආකාරයට ඕස්ට්‍රේලියාවට පළා යාමට සූදානම් වන බව ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

අද (15) කොළඹ පැවති ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස