මහින්ද ඇනවුම් කළ එයාර්බස් 8ක් ආණ්ඩුව අවලංගු කරයි! එයාර්බස් 4ක් අවලංගු කිරීමේ පාඩුව කෝටි 1700යි!

August 23, 2019 at 3:31 pm | by emanisa.lk

එයාර් බස් වර්ගයේ ගුවන් යානා හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් ආණ්ඩුව මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706ක පාඩුවක් සිදුව ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

2020/2021 වසරවල ලැබීමට නියමිත තවත් එයාර් බස් හතරක ගිවිසුම් අවලංගු කර ඇති බව හා එයිනුත් මෙවැනිම පාඩුවක් විය හැකි බවත් එහි දැක්වේ.

මෙම වාර්තාව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *