අපට වෙන කවුරුවත් ෂුවර් නෑ! අනුර ජනාධිපති කරලා විධායක ජනාධිපතිකම අහෝසි කරනවා! – සුනිල් හඳුන්නෙත්ති

September 9, 2019 at 2:26 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න යැයි පොරොන්දු වී බලයට පත්වන කිසිවකු තමන්ට විශ්වාස නැති බවත් අපේ නායකයක් ජයග්‍රහණය කරවා අපේ ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“ඔය ඔක්කොම තියෙද්දි අපෙනුත් අහනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරිමේ යෝජනාව ආයෙත් ගේනවද කියලා. නෑ ඔගොල්ලන්ට ඔ්න නම් ගෙන්න. දැන් අපි ඒක ගේන මට්ටමේ නෙමෙයි ඉන්නේ. මොකද අපි නායකයෙක් හදලා, ආණ්ඩුවක් ගෙනත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා ඔගොල්ලෝ කවුරුත් අපිට ෂුවර් නැහැ. ලිහලා බලපු මල්ල ආයේ ඔබලා බලන්න දෙයක් නැහැ.”

මාතර පැවති ජන හමුවකට ඊයේ (8) සහභාගි වෙමින් ඔහු මෙසේ පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව