එයාර්බස්වලින් කපිල අල්ලස් ගත්තට ගෝඨාගේ ආණ්ඩුව වගකියන්න ඕන! – අජිත් පී.

February 5, 2020 at 11:22 am | by emanisa.lk

වංචනික ලෙස සිදුව ඇතැයි හෙළිදරව් වී ඇති එයාර් බස් ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් බිලියන 2.80ක් තරම් විශාල ගනුදෙනුවක් සඳහා ගිවිසුම් අත්සන් තැබීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇතුළු නිලධාරීන්ට පමණක් තනිවම තීරණ ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පෙන්වා දෙයි.

ඒ අනුව මීට, එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ, ගුවන් සේවා භාර අමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ විශේෂ අවසරයක් තිබිය යුතු බැවින් වර්තමානයේත් බලය ලබාගෙන සිටින එම කණ්ඩායමම මීට වගකිව යුතු බව ඔහු අවධාරණය කරයි.

“දැන් සාමාන්‍යයෙන් හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය වියදම වගේ තුන් ගුණයක මුදලක් වගේ වටිනාකමක් මේ ගුවන්යානාවල මිල. මං එහෙම කිව්වේ මේකෙ ප්‍රමාණය හිතාගන්න. එහෙම නැත්නම් දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමට ගිය වියදම වගේ දෙගුණයක් මේ මිල. එතකොට මේක අතිවිශාල මුදලක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තනතුරු සියල්ලක්ම දරන කාලේ.

දැන් මේ ගනුදෙනුව පිළිබඳ හැමදාමත් විශාල සැකයක් තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අපි සාකච්ඡා කළා. එතෙන්දි අපේ මූලික සාකච්ඡාව තිබුණේ මේ ගුවන්යානා මිලදී ගැනීම පිළිබඳ ඇනවුමේ ඉතිරි කොටස අවලංගු කිරීම පිළිබඳව. එතකොට අපට තෝරගන්න තිබුණේ අන්තිම මොහොතේ හරි අවලංගු කරන එක, හැබැයි අවලංගු කරන්නත් අපට විශාල මුදලක් ගෙවන්න සිද්ධ වුණා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස