ලක්ෂ 15ක් වැයකළ ජල පෙරණයේ සමරු පුවරුවට ලක්ෂ 7.5ක් වැය කරලා! ආණ්ඩුව රට සංවර්ධනය කළ හැටි කෝප් කමිටුවේදී හෙළි වෙයි…

September 21, 2019 at 1:19 pm | by emanisa.lk

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.

ලක්‍ෂ හත හමාරක් වැය කර ගල් පුවරුවක් ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සවි කර තිබූ පුවරුව ඉවත් කර බව ද එහිදී හෙළි විය.

එම ව්‍යාපෘතියට වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 15ක් බවත් ඉන් අඩකටක් අධික මුදලක් ගල් පුවරුවක් වෙනුවෙන් වැය කිරීම අනුමක කළ නොහැක්කක් බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මෙහිදී ප‍්‍රකාශ කළේය.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

සභාපති අසේල ඉද්දවෙල මහතා එහිදී පැවසුවේ සමරු ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 500 වැන්න වීම නිසා විශේෂයක් කිරීමට බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස