දේශපාලන හෙංචයියන්ගෙන් රජයේ බැංකු පිරෙයි! ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඇමති ලැයිස්තුවෙන් 1707ක් අරන්!

September 5, 2019 at 10:32 pm | by emanisa.lk

මුදල් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය විසින් එවන ලද ලැයිස්තුවක් මත සේවකයන් 1707ක් කොන්ත‍්‍රාත් පදනම මත ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බඳවා ගෙන ඇති බව එහි පාලනාධිකාරිය ඊයේ (04) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේදී ප‍්‍රකාශ කළේය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා මේ ආකාරයට සේවකයන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය වහා නතර කර විධිමත් වැඩපිළිවෙළක් මාස දෙකක් ඇතුළත සකස් කරන ලෙස කෝප් කමිටුවේ සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. එච්. එස්. සමරතුංගට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස