හම්බන්තොට වරාය ඉන්දියන් සාගරේ ප්‍රධාන වරාය කරනවා! – අගමැති

August 14, 2019 at 3:44 pm | by emanisa.lk

හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරාය බවට පත් කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (13) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එසේමෙ ඉන්දියානු සාගරයේ තරගකාරී ආර්ථික මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම තම රජයේ අපේක්ෂාව බව ද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු අගමැතිවරයා මෙසේ පැවසීය.

“හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරාය බවට පත් කරන්න අපි කටයුතු කරනවා. එහි පළමු පියවර ලෙස වරාය වටා ඇති ප්‍රදේශ වල ආර්ථික කලාප පිහිටුවීම, කර්මාන්ත කලාප ඇතිකිරීම දැන් ආරම්භ කරලා තියනවා.

ඉන්දියන් සාගරයේ අපේ කලාපය භාවිත කළ යුත්තේ සාමකලාපයක් හැටියට ය. එහිලා වැදගත් සාධකයක් වන්නේ ආරක්ෂාව තහවුරු කරගැනීමයි.

ආරක්ෂක කටයුතුවලදී සාමූහිකව ක්‍රියාත්මක විය යුතුයි. සාගර ආර්ථිකය ශක්තිමත් කිරීමේ මුඛ්‍යාර්ථය තුළ ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ද වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ද ආර්ථික ප්‍රසාරණයකට ලක් කරමින් මේ කලාපය ශක්තිමත් කිරීමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස