නලින් බණ්ඩාරගේ හම්බන්තොට තෙල් පිරිපහදුව වොක්ස්වැගන් කෙප්පයක් වෙයි! අපි ඒ ගැන දැනගත්තේ පත්තරෙන්! – ඕමානය

March 21, 2019 at 7:35 am | by admin

ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක් ආයෝජනය කර ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ගොඩනැඟීමේ ව්‍යාපෘතියකට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව ඕමාන් තෙල් දෙපාර්තමේන්තුව පවසයි.

ඕමාන් තෙල් දෙපාර්තමේන්තුව සහ ඉන්දියානු Accord Group නම් සමාගමක් එක්ව දිනකට තෙල් බැරල් ලක්ෂ දෙකක් නිපදවන තෙල් පිරිපහදුවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට එකඟතාව පළකර ඇති බව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළේය. මෙය ශ්‍රී ලංකාවේ සිදුවන විශාලතම තනි ඍජු විදේශ ආයෝජනය විය හැකි බව එහි දී ප්‍රකාශ විය.

“අපේ පාර්ශවයෙන් කිසිම කෙනෙක් මේ ආයෝජනය ගැන දැනුම්වත් නෑ. මටත් මේක අලුත් පුවතක්. ඩොලර් බිලියන 3.8ක චෙක් එක අත්සන් කළේ කවුද කියලා මමත් දන්නේ නෑ.” යැයි ඔමාන් තෙල් සහ ගෑස් දෙපාර්තමේන්තුවේ උප ලේකම් සලීම් අල් අවුෆි ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් ද සම්බන්ධ වන පවසන අතර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට වරාය පාලනය වන්නේ චීන සමාගමක් යටතේය. ඕමානයේ විශාලතම තෙල් ආනයනය කරන්නා ද චීනයයි. මේ වන විට ඉන්දියානු සාගර ආධිපත්‍ය සඳහා චීනය සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක් මතුව තිබේ.

එළඹෙන මාර්තු 24 වෙනි දින ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක් වන බවත්, එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සෘජු විදේශ ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 3,850 ක ආයෝජනයකින්, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ, සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු එදින ආරම්භ වන බවත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පසගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස