නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ!

March 17, 2019 at 7:11 am | by admin

රාජපක්ෂලාගේ කොමිස් කුට්ටි සංවර්ධනය තුළ හම්බන්තොට 75 000කට අධික පිරිසක් වැසිකිළි යන්නේ කැලයක බව සංඛ්‍යා ලේඛන අනුව තහවුරු වුණේ යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

“නිදහසේ වැසිකිළි යන්න නැති ජීවිතේකින් වැඩක් නෑ. රටේ පවුල් ලක්ෂ 03 කට ඒ පහසුකම නැති බව මට තේරුණේ සංඛ්‍යා ලේඛන අනුවයි. හම්බන්තොට පවුල් 15,000 කට එනම් 75,000 කට අධික පිරිසක් ශරීර කෘත්‍යය කරන්නෙ කැලේට විය යුතුයි. බුදු අම්මෝ මේ තරම් දියුණු කරපු හම්බන්තොටට වැසිකිළිත් නෑ, බොන්න වතුරත් නෑ. ඒත් ලොස්ඇන්ජලිස්වලත් නැති පාරවල් තියෙනවා. පැයකට වාහන 2-3 යි ඒවායේ යන්නේ. ලෝඩ්ස්වලටත් වඩා ලොකු ක්‍රිකට් පිටි, චීනෙත් නැති සම්මන්ත්‍රණ ශාලා, නැව් නැති වරායවල්, ප්ලේන් නැති ගුවන්තොටුපොළවල් නම් හැදුවා. ඕවට මම කියන්නේ ‘කොමිස් කුට්ටි සංවර්ධනය’ කියලයි. ඒ නිසා හම්බන්තොටට වැසිකිළි දීලා රාජපක්ෂලාගේ නම්බුව බේරන්නයි මම මේ යෝජනාව ගෙනාවේ. වැසිකිළි නැති එකම ගෙයක් මම මේ රටේ ඉතිරි කරන්නේ නෑ. මහා බස් ස්ටෑන්ඩ්, දුම්රියපොළවල් හදනවා. වැසිකිළි නරකාදියටත් අන්තයි. මම ඒවත් විධිමත් කරලා හදනවා. මෝදි අගමැති ඉන්දියාවෙත් මේ වගේ ටොයිලට් ව්‍යාපෘතියක් කළා.”

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අරුණ පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස