චීනය හම්බන්තොට කප් රුකක් කරගනී! සේද මාවතේ නැව්වලට තෙල් දෙන්න සූදානම්!

July 16, 2019 at 2:58 pm | by emanisa.lk

චීනයේ සිනෝපෙක් සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන තෙල් සමාගමක් ආරම්භ කළ බව සඳහන් කරයි. නැව් වෙනුවෙන් ඉන්ධන ලබාදීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ මෙම ඉන්ධන තෙල් සමාගම ඔවුන් ආරම්භ කර තිබේ.

Fuel Oil Sri Lanka Co Lt නමින් ලියාපදිංචි කර ඇති මෙම සමාගම හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරිමට නියමිතය. මෙය චීනය ශ්‍රී ලංකාවේ කරන නවතම ආයෝජනය වෙයි.

ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ සුවිශේෂී පිහිටීම අනුව නැව් වෙනුවෙන් ඉන්ධන ලබාදීම ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් බවට පත්විය හැකි බව සමාගම විශ්වාස කරයි.

සූවස් ඇළ හා මලක්කා සමුද්‍ර සන්ධිය අතර හම්බන්තොට වරාය පිහිටා ඇති අතර මෙම කලාපය තුළ ලෝකයේ නැව් ගමනයෙන් තුනෙන් දෙකක් පමණ ගමන් කරන බව සමාගම සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇති සමාගමට 2020 වන විට ටොන් මිලියන 10ක නිෂ්පාදන ධාරිතා ඉලක්කයක්ද මව් සමාගම විසින් ලබාදී තිබේ.

හම්බන්තොට කර්මාන්ත කලාපයේ මේ වන විට චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිංග්ස්, චයිනා හාබර් ඉංජිනියරින් ඇතුළු චීන සමාගම් කිහිපයක්ම සිය ආයෝජන සිදුකර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස