හම්බන්තොට වරාය විකුණං කෑමට එරෙහි වුණ මිනිස්සු ඇප නොදී හිරේ දාපු ආණ්ඩුව බෝම්බ පැක්ටේරියේ සේවකයන්ට සතියෙන් ඇප දුන්නා! – විමල් (video)

May 9, 2019 at 10:36 am | by admin

වැල්ලම්පිටියේ බෝම්බ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇප ලබාදී ඇත්තේ ඔවුන් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මේ සැකකරුවන් පොලිසියට ඉදිරිපත් කර ඇත්තේ සාමාන්‍ය දණ්ඩ නීතිය යටතේය.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු නම් කවර චෝදනා එල්ල වුවද පොදු දේපළ පනතට පටලවා උසාවියට දමා ඇප ලබා ගැනීමට ඉඩ ලබා නොදෙන ආණ්ඩුව මේ ත්‍රස්තවාදී සැකකරුවන් වෙනුවෙන් එවැනි පිළිවෙතක් අනුගමනය නොකළේ මන්දැයි ප්‍රශ්න කරයි.

හම්බන්තොට වරාය විකුණං කෑමට එරෙහිව මේ රටට හිතැති ජනතාව උද්ඝෝෂණය කළ විට පාරේ ටයර් දල්වා තාර උණු කර ඇතැයි ද තාර යනු පොදු දේපළක් යැයි ද පවසා පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇපත් ලබා නොදී සිරගත කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ ආකාරයට ත්‍රස්තවාදය මර්දනය කළ හැකි දැයි ඔහු ප්‍රශ්න කළේය. ඊයේ (8) පාර්ලිමේන්තුවේදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස