රාජපක්ෂලා රට මැදි ආදායම් රටක් කිරීම අපරාධයක්! දැන් ලෝකෙන් ආධාර මුදලක්වත් ලැබෙන්නේ නෑ! දුප්පත් විදිහට හිටියා නම් වරායයි ගුවන්තොටුපළයි නොමිලේ හදාගන්න තිබුණා! – සජිත්

June 23, 2019 at 7:51 pm | by emanisa.lk

පසුගිය කාලයේ සංඛ්‍යා ලේඛන ජිල්මාට් දමමින් අපේ රටේ දුප්පත්කම අඩු යැයි රාජපක්ෂ ආණ්ඩුව ලෝකයට බොරු කී බවත් එහෙයින් අපේ රට දුප්පත් රටවල් කාණ්ඩයේ සිට මැදි ආදායම්ලාභී රටක් ලෙස වර්ග කළ බවත් ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

එම යුගයේ දරිද්‍රතාව 6-7%කින් අඩු වූ බව පැවසුවත් සමෘද්ධිලාභීන් ප්‍රමාණය 29%ක් සිටි බවත් බොරු සංඛ්‍යා ලේඛන නිසා රටට ලැබුණු ආධාර නතර වූ බවත් ගිනි පොළියට ණය ගැනීමට සිදුව ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

දුප්පත්කම පිළිබඳ සැබෑ සංඛ්‍යා ලේඛන ලෝකයට ඉදිරිපත් කළේ නම් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපළ තැනීමට ණය ගැනීමට අවශ්‍ය නැති බවත් අසත්‍ය මිත්‍යාව රජ වීම නිසා ඒ සියල්ල අහිමි වූ බවත් හෙතෙම අවධාරණය කළේය.

හම්බන්තොට ප්‍රදේශයේ සමෘද්ධි ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ (22) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස