යහපාලන ආණ්ඩුවේ ද්‍රෝහී පාවාදීම් නිසා ශ්‍රී ලංකාව මහ බලවතුන්ගේ දඩබිමක් වෙයි! ඇමරිකානු හමුදා ශ්‍රී ලංකාවේ කඳවුරුලෑමට පොරකන්නේ හම්බන්තොට වරාය චීනයට බදු දීම නිසායි!

June 10, 2019 at 11:12 am | by emanisa.lk

චීනය අවුරුදු 99 බද්දකට හම්බන්තොට වරායේ පාලනය ලබා ගැනීම සහ සිය න්‍යාය පත‍්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අනිකුත් රටවලට හමුදා තර්ජන එල්ල කිරීම නිසා ඇමරිකාව ශ්‍රී ලංකාව වෙත හමුදා සබඳතාව වැඩි කිරීමට ක්‍රියා කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්දු ශාන්තිකර උපාය මාර්ගික නවතම වාර්තාවේ දක්වා ඇත.

2015 දී ශ්‍රී ලංකාවේ රජය වෙනස් වීමත් සමගම ඇමරිකානු රජය ශ්‍රී ලංකාව සමගම හමුදා ක්‍රියාකාරකම් වර්ධනය කිරීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාව උපාය මාර්ගික ස්ථානයක් බවත් නෞකා සියයට 70 ක් යාත‍්‍රා කරන්නේ ශ්‍රී ලංකාව ආසන්නයෙන් බවත් එම විමර්ශන වාර්තාවේ දක්වා ඇත.

මෙම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ ඇමරිකානු ජනතාව, ඇමරිකාව සහ ඇමරිකානු ජන ජීවිතය රැක ගැනීමට ඇමරිකාව ඉන්දීය සාගරයට පැමිණි බවයි.

ඇමරිකාව ශ්‍රී ලංකාව වෙත සිය ආරක්ෂක ගිවිසුම ඉදිරිපත් කිරීමට අදාළ රහස් මෙම විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී ඇත.

ඉරිදා දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස