වරාය විකුණං කෑමට ගෙවිය යුතු වන්දිය සුළුපටු නෑ! 30 වසරක් රටට විදුලිය දුන් සුළං බලාගාරයත් අහිමි වෙයි!

April 3, 2019 at 10:03 am | by admin

මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ පිහිට වූ හම්බන්තොට සුළං විදුලි බලාගාරය ද හම්බන්තොට වරාය චීනයට බදු දීම නිසා අහිමි වී තිබේ.

ඒ හම්බන්තොට වරාය හිමි චීන සමාගම විසින් සිය භූමියේ පිහිටි සුළං බලාගාරයට බදු මුදලක් ඉල්ලා සිටීම සහ එය ප්‍රතික්ෂේප කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සුළං බලාගාරය මාස 05කට පෙර කොටස් කර ඉවත් කර ගැනීම නිසාය.

මේ නිසා ජාතික විදුලි පද්ධතියට එකතු වූ මෙගාවොට් 03ක් අහිමි වී ඇති අතර මෙතෙක් එම සුළං බලාගාරය වෙනත් තැනක ස්ථාපිත කිරීමට ද විදුලිබල මණ්ඩලය කටයුතු කර නැත.

විදුලිබල මණ්ඩලය බලධාරීන්ට පෞද්ගලික අංශයෙන් විදුලි ඒකකයක් රු. 40-50 ආදී ඉහළ මිල ගණන් යටතේ හදිසි මිල දී ගැනීම් ලෙස ලබා ගැනීමට ඇති උනන්දුව මෙවැනි කටයුතු සඳහා නොමැති වීම පුදුම එළවන සුළුය. ඇතැම්  විට හම්බන්තොට සුළං විදුලිබලාගාරය නැවත සවි කිරීම ඔස්සේ කොමිස් මුදලක් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැතිවා විය හැකිය.

රටට වසර ගණනක් විදුලිය ලබා දුන් සුළං විදුලි බලාගාරය ගලවා දැමූ ආණ්ඩුවේ විදුලිබල ඇමති රවී කරුණානායක එම විදුලි බලාගාරය නැවත ස්ථාපිත කිරීමට කටයුතු නොකළ ද යාපනේ දූපත්වල අඩු වියදම් සුළං විදුලි බලාගාර තනන බව පසුගියදා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස