අපි ගම්වල පුදුම සංවර්ධනයක් කළා! දැන් විවෘත කරගන්නත් බෑ! ඊළඟ අවුරුදු පහේ සංවර්ධනය දෙගුණ කරනවා! – අගමැති

September 7, 2019 at 12:54 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් සඳහාම රු. ලක්ෂ 50ක් යෙදවූ බවත් ගමේ සංවර්ධනය වෙනුවෙන් තම ආණ්ඩුව මෙන් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් වියදම් කර නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

දැනට රට තුළ සිදුවන සංවර්ධනය මෙන් දෙගුණයක සංවර්ධනයක් ඉදිරි වසර පහ තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

“යුද්ධය නිසා විනාශ වුණු රටට. යුද්ධය අවසන් කරලා මුදල් සංවර්ධනයට යෙදෙව්වා. ගම තුළට යන සංවර්ධනයක් ක්‍රියාත්මක කළා. විවෘත කරන්න බැරි තරම් ගොඩනැඟිලි. ඒ තරමට සංවර්ධනය කරලා තියෙනවා.

කෑගහන්නේ බෙර ගහන්නේ නැහැ. කොහොමහරි වැඩේ කරලා තියෙන්නේ. ඊළඟ වසර පහේදී දෙගුණයක සංවර්ධනයක්. වෙන කාටවත් මේක කරන්න බැහැ.”

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඊයේ(06) පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස