අපනයන ආර්ථිකයක් හදලා 7.5%ක ආර්ථික වර්ධනයක් ඇති කරනවා! – අගමැති

October 9, 2019 at 12:50 pm | by emanisa.lk

මෙරට ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහළ නැංවීමෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය දැනට වඩා නවීකරණය කිරිමට හැකි වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කරලීම ඔස්සේ එවැනි ආර්ථික වර්ධන වේගයක් ලබා ගත හැකි බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

ඒ ඉලක්කය සපුරාගැනීමේ අරමුණ ඇතිව අපනයන ආර්ථිකය නිර්මාණයට දායක වන පෞද්ගලික අංශයට සහාය වීම සඳහා රුපියල් බිලියන 500ක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ අද (08) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික විශ්‍රාම දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස