2017 වසරේ ආණ්ඩුව ජනතාවට සංග්‍රහ කරන්න කෝටියක කඳුලු ගෑස් අරන්!

March 25, 2019 at 11:19 am | by admin

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව 2017 වසරේදී කඳුළු ගෑස් මිලදී ගැනීම සඳහා රුපියල් එක්කෝටි අට ලක්ෂ නවදහස් අට සීයක් වැයකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමත්‍යාංශයෙන් අසන ලද ප‍්‍රශ්නයකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ පිළිතුරෙහි මේ බව සඳහන්කර තිබේ.

2013 වසරේ සිට 2016 වසර දක්වා කඳුළු ගෑස් මිලදී ගැනීමක් සිදු නොවූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ඇමැති සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල පෙරේදා (23දා) මෙම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *