ආර්ථික වර්ධන වේගය 3% දක්වා පහත වැටෙයි! එය 18 වසරකට පසු වාර්තා වූ අඩුම අගයයි!

July 12, 2019 at 5:36 pm | by emanisa.lk

වසර ආරම්භයේ 2018 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් විය හැකි බවට පුරෝකතනය කළ ද එය 3% දක්වා පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නැවත පුරෝකථනය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේ එය 3.5%ක් වනු ඇති බවය.

පාස්කු ප්‍රහාරය සමග සංචාරක කර්මාන්තය සහ ඒ ආශ්‍රිත සේවා අඩපණ වීම, මන්දගාමී ලෝක ආර්ථික වර්ධනය එහිලා බලපෑ බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

2016 වසරේ ආර්ථික වර්ධන වේගය 4.4%ක් වූ අතර 2017 වසරේ එය 3.4% දක්වා ද 2018 වසරේ 3.2% දක්වා ද පහත වැටිණි. එහෙත් මහ බැංකුව පුරෝකථනය කර තිබුණේ 2018 වසරේ 5%ක ආර්ථික වර්ධනයකි.

2019 වසරේ අපේක්ෂිත 3% ආර්ථික වර්ධනය 2001 එජාප ආණ්ඩු සමයට පසු වාර්තා වන අඩුම ආර්ථික වර්ධන වේගයයි. 2001 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය ඍණ -1.5ක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස