ආර්ථික වර්ධනයෙන් 2014 චීනයට පමණක් දෙවෙනි වූ ලංකාව අලුත්ම දත්ත අනුව ආසියාවේ 29 වෙනි තැනට වැටෙයි!

May 9, 2019 at 11:46 am | by admin

නවතම මහ බැංකු වාර්තා අනුව 2009-2014 සමයේ 6% ක දළ ආර්ථික වර්ධන වේගයක් තිබුණ ලංකාවේ 2018 ආර්ථික වර්ධන වේගය 3.2%කි. සංවර්ධන වේගය අතින් ලංකාව ආසියාවේ 29 වෙනි ස්ථානයට පත්ව තිබේ. ඒ 2014 චීනයට පමණක් දෙවෙනි වූ රටය.

2014-2018 කාලය තුල රටේ ජනගහනය 892,000 කින් වැඩි වී ඇතත් රැකියා කරන /ආදායම් උපයන පිරිස 539,000 කින් අඩු වී ඇත. රැකියා ප්‍රශ්නය විසඳූ හැටි අපූරුය.

රුපියලේ අගය වසර 4 ක් තුල 20% කින් බාල්දු වී ඇත. යුද්ධයක්ද පැවති 2005-2009 මුළු කාලය තුළවත් එවනි අවප්‍රමාණ වීමක් සිදු නොවිණි.

රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිතයෙන් 70.1% සිට 82.9% දක්වා වැඩි වී ඇත. මේ පසුගිය ආණ්ඩුව ණය ගන්නවා කියා බලයට ආ ආළුආණ්ඩුවය.

මේ ආණ්ඩුව වසර 4 තුළ රට ණය කොට ඇති ප්‍රමාණය පසු ගිය රජය වසර 9 කට ගත් ණය ප්‍රමාණයට වඩා වැඩිය. ඉන් කළ දෙයක් ඔබට පෙනෙන්නට තිබෙනවාද ?

කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම්වල සමස්ථ වටිනාකම රුපියල් බිලියන 3105 සිට රුපියල් බිලියන 2839 දක්වා පහළ වැටී ඇත. මෙවැනි බිඳ වැටීම් මිස කිසිදු ප්‍රගතියක් නම් නැත.

ආචාර්ය නාලක ගොඩහේවා
FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස