අගමැතිගේ අමාත්‍යංශයේ නම කියන්න විනාඩි දෙකක් යනවා!

March 15, 2019 at 9:03 am | by admin

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දරන අමාත්‍යාංශයේ නම කීමට පවා විනාඩි දෙකක කාලයක් ගතවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. මේ වන විට ජාතික තරුණ සේවා සභාව සිරිකොත කාර්යාලයක් බවට පත් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුවේ ගතවූ වසර හතරක කාලය තුළදී ජනතාවට අසත්‍ය පවසා නොමග යැවීමට කටයුතු කළ බවත් ඉතිරිව ඇති සුළු කාලයේදී හෝ ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස