හෙට අනිත්දා සජිත්ට පළමු මනාපේ දීලා දෙවෙනි මනාපේ අනුරට දෙන්න කියලා ජවිපෙ කියනවා! – කුමාර් ගුණරත්නම්

November 11, 2019 at 1:18 pm | by emanisa.lk

මේ වන විට තමන්ට පළමු මනාපය දී දෙවන මනාපය සජිත් ප්‍රේමදාසට ලබා දෙන්න යැයි පවසන ජවිපෙ නුදුරේදීම පළමු මනාපය එජාපයේ සජිත්ට ලබා දී දෙවැන්න අනුරට ලබා දෙන්න යැයි කියනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසයි.

“ගෝඨාභය එනවට බයේ සජිත්ට ජන්දේ දෙමු කියලා ජනතා විමුක්ති පෙරමුණේ අයත් දැන් කතා වෙනවා. දැන් අලුත් කතාව එහෙම තමයි. ඒ ඡන්ද ව්‍යාපාරය හදලා තිබුණේම එහෙම. ඒක අපේ අනුර මල්ලිලාට තේරුම් නැති වුණාට ඒක තමයි කතාව.

ඉස්සර වෙලා එකතු කරනවා ජන බලවේගයට. ඡන්දේ කිට්ටු වෙද්දි මොකක්ද වෙන්නේ වෙන්නේ මේ දවස්වල මොකක්ද වෙන්නේ. එනපොට හොඳ නෑ ආපසු සැරයක් ගෝඨා එන්න යන්නේ. ආවොත් ලොකු මර්දනයක් එනවා. ඒ නිසා දෙවැනි මනාපය සජිත්ට.

දැන් නම් කියවෙන්නේ දෙවැනි මනාපය නොවෙයි පළමු මනාපය සජිත්ට දීලා දෙවැනි මනාපය අනුරට දෙන්න. බලන්න තව ටික දවසකින් තව දවස් දෙක තුනක් යද්දී මේ කතාව තව තීව්‍ර වෙනවා.”

ඔහු මේ අදහස් පළකළේ පසුගිය (09) බෙන්තොට හඹුරුගලදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස