ජවිපෙ නායකත්වය ලාල් කාන්ත නෙරපන මෙහෙයුමක!

March 2, 2019 at 10:40 am | by admin

බීමත්ව රිය පදවා අනතුරක් සිදු කිරීම පදනම් කරගෙන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පක්ෂයෙන් නෙරපීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ලාල් කාන්ත මේ වන විට ජවිපෙ සිටන වඩාත් ආකර්ෂණීය නායකයා වන අතර අනුර කුමාර දිසානායකගේ නායකත්වයට ඇති ප්‍රබලතම තර්ජනය ලාල් කාන්තය. අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා ලෙස පත්වන අවස්ථාවේ ඔහුට කරට කර සටනක් දුන්නේ ලාල් කාන්තය.

පසුගිය මහ මැතිවරණයට පසු ලාල් කාන්ත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ හැකියාව තිබුණ ද ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ද නැත.

එසේම එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බීමත්ව රිය පදවා ලයිට් කනුවක ගැටුණු විට ඔහු මත්පැන් පානය කර තිබේ ද යන්න පරික්ෂා නොකර මුදවා ගැනීමට ජවිපෙ නායකත්වය කටයුතු කළේය.

විජිත හේරත් අනතුර සිදු වූ අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවත් මත්පැන් ගඳ වහනය වූ බවත් ඒ අසලට රැස් වූ ජනතාව පැවසූ අතර විජිත හේරත් පැවසුවේ බීමත් ජවිපෙ සාමාජිකයකු සිප ගැනීම නිසා එම ගඳ වහනය වූ බවය.

විජිත හේරත්ගේ සිදුවීම සහ ලාල් කාන්තගේ සිදුවීම ඉදිරියේ ජවිපෙ නායකත්වය හැසිරෙන්නේ පැහැදිලිවම දෙ ආකාරයකට බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. ඒ සිය නායකත්වයට ඇති තර්ජනය ඉවත් කර ගැනීම සඳහාමය.

එසේම ලාල් කාන්ත දිගින් දිගටහ එජාප නායකත්වය විවේචනය කරන අතර පසුගියදා ප්‍රකාශ කළේ මේ එජාප ආණ්ඩුවේ අවසාන අයවැය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *