දේශපාලනය කියන්නේ නැඟිටින නිදාගන්න වෙලාව නෙමේ! සජිත් ප්‍රේමදාස කියන්නේ හිස් පොල් කෝම්බයක්! සජිත් O/L ෆේල් කියලා කියන්නේ එජාපෙ රවී! – ජවිපෙ

October 1, 2019 at 10:52 am | by emanisa.lk

පාසලේ දෙක ශ්‍රේණියේ නායක පට්ටම ලබා ගැනීමට කුඩා දරුවන් දවස ගානේ හොඳ වැඩ සිදු කර ගුරුතුමියට පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස ජනතාවට තමන් කළ හොඳ ගැන පවසන බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි.

ජන හමුවක් අමතමින් ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව පැවසීය. දේශපාලන නායකත්වය යනු අවදිවන වේලාවවත් නිදා ගන්නා වේලාවවත් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

එසේම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කිසිදු විටකදි රට දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තීමය කරුණු දැක්වීමක් සිදු කර නොමැති බවද නලින්ද ජයතිස්ස පවසයි.

සිය පක්ෂයේම අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක, සජිත් ප්‍රේමදාසට සමාන්‍ය පෙළ සමත් සහතික පත්‍රය පෙන්වන ලෙසට කළ අභියෝගයට තවමත් පිළිතුරු සපයා නොමැති බවද සජිත් ප්‍රේමදාස යනු හිස් පොල් කෝම්බයක් බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස පවසා ඇත්තේ රටට දිවි හිමියෙන් සේවය කළේ නම් 1991 වසරේදි යුද හමුදා සේවයෙන් අස්වී ඇමරිකාවට යාමට සහ එරට පුරවැසීභාවය ලබා ගැනීම සම්බන්ධයෙන් හේතු දැක්විය යුතු බවය.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායකට සහාය ලබා දෙන බව සඳහන් කළ එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සඳහන් කළේ පළමු මනාපය ජවිපෙට ලබා දී දෙවැන්න එජාප අපේක්ෂකයාට ලබා දීමට කටයතු කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස