යූඇන්පී මන්ත්‍රීලාට ගහලා පැන්නුවේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා! – එරාජ් (video)

October 25, 2019 at 1:50 pm | by emanisa.lk

2014 අප්‍රේල් 17 දා හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු හෙළි කළේය.

ඔහු මේ බව සඳහන් කලේ හම්බන්තොට නගරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමකදීය.

වැඩිදුර අදහස් දැක්වූ එරාජ් රවීන්ද්‍ර මෙසේද කීවේය.

“හම්බන්තොට ජාත්‍යන්තර වරායේ එදා වූ සිද්ධිය මිරිජ්ජවිල ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ අයත් හොඳට දන්නවා. මම සී. අයි. ඩී එකට කියනවා මගේ දුරකතන වාර්තා ගන්න. ඒ සිදුවීම වූ දිනට ( අප්‍රේල් 17) පසුදා ( අප්‍රේල් 18) උදෑසන සජිත් ප්‍රේමදාස කතා කරලා ඇහැව්ව දේ අහන්න. මට කිව්වේ ‘එරාජ් මොකටද ඔය මන්ත්‍රීවරු බේරුවේ මටත් නොකිය හම්බන්තොටට ආවේ. අපරාදේ ගහල එළවන්න තිබුණේ කියලා.

නවීන තාක්ෂණය මගින් දුරකථන වාර්තා අරගෙන මට කතා කළේ කාගේ දුරකතනයෙන්ද එය සොයාබලා විස්තර ගන්න කියලා මම කියනවා. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවාද කිව්වේ කියලා. මේක නැහැ කියල කියනවා නම් මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න එදා මම එරාජ්ට එහෙම කතාවක් කිව්වේ නැහැ කියලා.”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස